ACT දැනුවත් භාවය පිළිබඳ විද්‍යුත් ඉගෙනුම් මොඩියුලය යනු කුමක්ද?
මෙම දැනුවත් වීමි ඉගෙනුම් මොඩියුලය එක්සත් රාජධානියේ ත්රස්තවාදයට එරෙහිව ක්‍රියා කීරීමේ පොලීසිය (Counter Terrorism Police) විසින් නිපදවන ලද්දකි. එහි අඩංගු දසුන් සහ නිදර්ශන එක්සත් රාජධානියට අදාළ ඒවාය. නමුත් අන්තර්ගතය මුළුමනින්ම සිංහල බසට පරිවර්තනය කොට ඔබගේ දැනුවත් වීම සදහා සකස් කොට ඇත.
මෙම සම්පුර්ණ ඉගෙනුම් මොඩියුලය කොටස් 7 කින් සමන්විත වේ. එක් එක් කොටස අවසානයේ ඊට අදාලව අසනු ලබන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබාදීමෙන් මොඩුලය සාර්ථකව නිමකර ඔබගේ සහතිකපත ලබාගන්න.
මොඩියුලය වෙත ප්‍රවේශ වීමට මගේ සමාගම ලියාපදිංචි කරන්නේ කෙසේද?
ACT Registrationමෙම දිගුව භාවිතා කර ඔබගේ සමාගම අප වෙබ් අඩවියේ ලියාපදිංචි කරන්න. ලියාපදිංචි වීමේ දී ආයතනයේ නම ඇතුලත් කරන්න
තනි පුද්ගලයෙකු ලෙස මා පාඨමාලාවට ප්‍රවේශ වන්නේ කෙසේද?
ACT Registrationමෙම දිගුව භාවිතා කර ඔබට ලියාපදිංචි විය හැක. එහිදී ඔබට ආයතනයේ නම සඳහන් කිරීමට අවශ්‍ය නැත.
මට විද්‍යුත් ඉගෙනුම් වැඩසටහනේ ගැටලුවක් තිබේ. මම කළ යුත්තේ කුමක් ද?
දුරකථන අංක 0773643605 පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා හෝ support@ctatraining.lk යන විද්‍යුත් ලිපිනයට ඔබගේ ගැටළුව ඊ-මේල් පණිවිඩයක් ලෙස එවීමෙන් ඔබගේ ගැටළු නිරාකරණය කරගත හැක.
පාඨමාලාව සම්පූර්ණ කිරීමට කොපමණ කාලයක් ගතවේද?
මෙම මොඩියුලයන් සම්පුර්ණයෙන් හැදෑරීම සඳහා විනාඩි අනූවක පමණ කාලයක් ගත වේ.
පාඨමාලාව අවසානයේ මට ලබා ගත හැක්කේ මොනවාද?
පාඨමාලාව සාර්ථකව අවසන් කල පසු ශ්‍රී ලංකා සංචාර මණ්ඩලය සහතික කල වසර දෙකක් (2) සඳහා වලංගු සහතික පතක් ඔබට ලබා ගත හැක. එය ඔබට මුද්‍රණය කිරීමට හෝ pdf (පීඩීඑෆ් ) පිටපතක් ලෙස තබා ගත හැක.