ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ආරක්ෂක අංශ පමණක් සතු වගකීමක් නොවෙයි. සැක කටයුතු හැසිරීම් සහ අයිතම හඳුනා ගැනීමෙන් සහ ඒවා පිලිබද ආරක්ෂක අංශවලට දැනුම්දීමෙන් සියලු මාදිලියේ අපරාධ වැළැක්වීමට සහ අවම කිරීමට ඔබටද සහය විය හැකියි.
මෙම පාඨමාලාවේ දී, සැක කටයුතු හැසිරීම් හඳුනා ගන්නා අයුරු සහ ගත යුතු ක්‍රියාමාර්ග, සැක කටයුතු අයිතමයක් ගැන ක්‍රියා කළ යුතු අයුරු, සහ බෝම්බ පිළිබඳ තර්ජන වලට ප්‍රතිචාර දැක්විය යුතු අයුරු වෙත ඔබේ සැලකිල්ල යොමු කෙරෙයි.
අවසානයේ දී, සිදුවීමට ඉතාමත් අඩු ඉඩකඩ ඇති, ගිනි අවි හෝ ආයුධ යොදාගත් ප්‍රහාරයක දී, ඔබගේ සහ අනෙක් අයගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ඔබට ඉගෙනගත හැකියි.
මෙම දැනුවත්වීමේ ඉගෙනුම් මොඩියුලය එක්සත් රාජධානියේ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කීරීමේ පොලීසිය (Counter Terrorism Police) විසින් නිපදවන ලද්දකි. එහි අඩංගු දසුන් සහ නිදර්ශන එක්සත් රාජධානියට අදාළ ඒවාය. නමුත් අන්තර්ගතය මුළුමනින්ම සිංහල බසට පරිවර්තනය කොට ඔබගේ දැනුවත් වීම සදහා සකස් කොට ඇත.
මෙම සම්පුර්ණ ඉගෙනුම් මොඩියුලය කොටස් 7 කින් සමන්විත වේ. එක් එක් කොටස අවසානයේ ඊට අදාලව අසනු ලබන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබාදීමෙන් මොඩියුලය සාර්ථකව නිමකර ඔබගේ සහතිකපත ලබාගන්න.